News

ඇඳිරි නීතිය පිළිබද නවතම නිවේදනය

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සදහා ඇඳිරි නීතිය හෙට (16) පෙරවරු 6.00 ඉවත් කර නැවත පස්වරු 4.00ට යළි පැනවීමට නියමිතයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ හෙට (16) සවස 4.00 යළි පැනවෙන ඇඳිරී නීතිය අප්‍රේල් 20 වන සඳුදා පෙ.ව 6.00 තෙක් බලපැවැත්වෙන බවයි.

20 වනදා උදේ 6.00න් පසු ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම පිළිබඳව පසුව දැනුම් දෙනු ලැබෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.