News

දිස්ත්‍රික්කික හිපයකට අද උණුසුම් කාලගුණික තත්වයක්

ත්‍රිකුණාමලය, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චිය, අම්පාර, කුරුණෑගල සහ මොනරාගල දිස්ත්‍රික්කවලටත් උතුරුමැද පළාතේ ඇතැම් ස්ථානවලට අද (13) දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මිනිස් සිරුරට බලපෑම් එල්ල විය හැකි තරමේ උණුසුම් සහිත කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර මේ සම්බන්ධයෙන් ජනතාව විමසිලිමත්ව කටයුතු කළ යුතු බව ද, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.