හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන දීපාවලි උත්සවය අදට යෙදී ඇත.
විෂ්ණු දෙවිඳුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් දීපාවලි උත්සවය සමරයි.
අධර්මය පරාජය කර ධර්මය ජය ගැනීමක් ලෙස එය ඉතිහාසයේ සඳහන් වන අතර වප් මාසයේ අමාවක දිනයේදී දීපාවලි උත්සවය යෙදීම විශේෂත්වයකි.