නවතම ප්‍රවෘත්ති

දුම්රිය ගාස්තු වැඩිවීම 10% සිට 60% දක්වා ඉහළට

අවම දුරත් කෙටි කරයි

එළැඹෙන ඔක්තෝබර් මස පළමුවැනිදා සිට 10% සිට 60% දක්වා වූ ප්‍රමාණයකින් දුම්රිය ගාස්තු වැඩිවන බව දුම්රිය වාණිජ අධිකාරී එම්.ජේ. ඉදිපොළගේ මහතා පැවසීය.

අවම ගාස්තුව වූ රුපියල් 10ක මිලෙහි වෙනසක් නොවුණද ගමන් කළ හැකි දුර ප්‍රමාණය අඩු වනු ඇත. මෙතක් රුපියල් 10ක ප්‍රවේශ පත්‍රයකින් ගමන් කළ හැකිව තිබූ කිලෝමීටර් 9ක දුර කිලෝමීටර් 7ක් දක්වා අඩු කර තිබේ.

වෙන් කළ ආසන සඳහා වූ ප්‍රවේශපත්‍රවල ගාස්තු ද 15%කින් පමණ මේ අනුව ඉහළ යන බව වාණිජ අධිකාරිවරයා පැවැසීය.

ඒ අනුව වැඩිදුරකින් යුත් ගමන් වාරය වන මාතර කන්කසන්තුරේ දක්වා මෙතෙක් වූ තුන්වැනි පන්තියේ ප්‍රවේශ පත්‍රයක මිල වන රුපියල් 390 රුපියල් 435 දක්වා ඉහළ යනු ඇත.

චමින්ද සේනාරත්න