දුම්රිය වර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට
දුම්රිය වෘත්තිය සමිති අද (27) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි.
ඒ, සිය ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් සෑම බ්‍රහස්පතින්දා දිනකම මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයට අනුවය.
දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයට ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ අත්සන් තැබුවේය.
ප්‍රවාහන අමාත්‍යංශය පැවසුවේ, විශ්‍රාමික නිලධාරීන් දුම්රිය සේවයට යළි බඳවා ගැනීමට තීරණය කර ඇති බවය.
මේ යටතේ විශ්‍රාමික එන්ජින් රියැදුරන්, නියාමකයින්, ස්ථානාධිපතිවරුන්, සංඥා පරීක්ෂකයින් සහ මාර්ග පරීක්ෂකයින් යළි සේවයට එක් කිරීමට තීරණය කර තිබේ.
අදාළ බඳවා ගැනීම සඳහා හෙට (28) නාරාහේන්පිට ශාලිකා ශාලාව වෙත පැමිණෙන්නැයි ප්‍රවාහන අමාත්‍යංශය විශ්‍රාමික නිලධාරීන්ට දැනුම් දෙයි.
