දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගුයි
සියලු නිවාඩු අවලංගු කරමින් සියලුම දුම්රිය සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කරමින් ඊයේ (03) රාත්‍රී අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
මේ අතර දුම්රිය වර්ජනය සිදුවුවද අද පෙරවරුවේ දුම්රියන් 20කට වැඩි ප්‍රමාණයක් කොළඹ කොටුව දක්වා ධාවනය වී ඇත.
