දුම්රියට පැන පාසැල් පෙම් යුවලක් සියදිවි නසාගනී
අනුරාධපුරයේ සිට මැදවච්චිය බලා ධාවනය වු මන්දගාමී දුම්රියට පැන පාසැල් පෙම් යුවලක් ජීවිතක්ෂයට පත්ව ඇත.
මිහින්තලේ හන්දිය හා හතරැස්වෙල දුම්රිය ස්ථාන අතරදී අද අලුයම මෙම සිදුවීම වී ඇත.
මෙම සිද්ධියෙන් මියගිය සිසුවා17 හැවිරිදි අනුරාධපුර, සමගිපුර ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මියගිය දැරිය මාතර ප්රදේශයේ පදිංචි 14 හැවිරිදි වියේ සිසුවියකි.
මියගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණය අද අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී සිදු කිරිමට නියමිතය.