දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට
කොළඹ සිට යාපනය බලා ධාවනය වු ශිඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් යාපනය මුහමාලෙයි ප්‍රදේශයේදී ඊයේ (24) පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පලෙයි පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ මුහමාලෙයි දුම්රිය හරස් මාර්ගය ආසන්නය ප්‍රදේශයේදී අදාළ පුද්ගලයා දුම්රියට පැන ඇති බවයි. අනතුරින් ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර, අදාළ සිද්ධිය සියදිවි නසා ගැනීමක් වන බවද පොලිසිය සදහන් කළේය.
පොලිසිය පැවසූවේ මියගිය පුද්ගලයාගේ මළ සිරුර යාපනය රෝහලේ තැන්පත් කොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන බවයි.