දුම්රියේදී ජංගම දුරකථන සොරකම් කළ පුද්ගලයෙකු මාට්ටු
දුම්රියේදී ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු දෙහිවල දුම්රිය ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර වයස අවුරුදු 43 හබරාදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ජංගම දුරකථන 50 ක් පමණ දුම්රිය මගීන්ගෙන් සොරකම් කර ඇති බවයි.