දූෂණ වංචාගැන සොයන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි භාර ගැනිමේ කාලය හෙටින් අවසන්
රාජ්ය ආයතනවල 2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් 31 වන දින දක්වා කාලය තුළ සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලිමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි භාර ගැනිමේ කාලය හෙටින් අවසන් විමට නියමිතය.
අද (06) දිනය වන විට දූෂණ වංචා සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 412 ක් ලැබී ඇති බව එම කොමිශන් සභාව සඳහන් කරණ අතර ලැබී ඇති පැමිණිලි වලින් පැමිණිලි 150ක් පමණ පරික්ෂා කර ඇති අතර ඉන් 10 ක් මූලික විමර්ශන කටයුතු සඳහා කොමිසම යටතේ ඇති විශේෂ විමර්ශන පොලිස් ඒකකයට භාර දී ඇති බවවාර්තා වෙයි.
මෙම කොමිසම සඳහා පැමිණිලි භාර ගැනීම හෙට පස්වරු 05.00 න් අවසන් වුවද කොමිශන් සභාවේ විමර්ශන කටයුතු ඉන් අනතුරුව දීර්ඝ වශයෙන් සිදු කෙරෙන අතර කඩිනමින් සාක්ෂි විභාගය ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.