News

දේපල වෙන්දේසි කිරීම් සොයා බලන්න බලධාරියෙක්

ණය ගෙවීම් පැහැර හැරීම නිසාවෙන් බැංකු මගින් ණයකරුවන්ගේ දේපල වෙන්දේසි කිරීමට පෙර ඒ ගැන සොයාබැලීම සඳහා බලධාරියෙක් පත්කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර තිබේ.

මෙහිදී ණයකරුවාගේ මූල්‍ය ඉතිහාසය පිළිබඳ සොයා බැලීම අත්‍යවශ්‍ය බව ද පෙන්වා දී ඇත. මෙහිදී අණපනත් සංශෝධයනය කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දී තිබේ.

අද (15) මුදල් අමාත්‍යංශයේ පැවැති හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.