News

දේශපාලන අර්බුදයට මුවාවී ලංවිම ලොක්කෝ ‘ගැරිල්ලකට, සැරසෙති

පවතින දේශපාලන අර්බුදයට මුවාවී ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන් තම ප්‍රසාද දීමනාව වැඩි කර ගැනීමේ සැලසුමක් දියත් කර ඇත. ප්‍රසාද දීමනා ලබාදීමේ සම්ප්‍රදාය කඩකරමින් මෙලෙස කටයුතු කරන බව වාර්තා වේ.

සම්ප්‍රදාය අනුව සියලුම සේවකයින්ට මාස එකහමාරක වැටුප මෙන් ප්‍රසාද දීමනාවක් ලබාදෙන අතර ඉහළ නිලධාරීන්ට පමණක් මාස දෙකක දීමනාවක් ලබා ගැනීමට යෝජනා කර තිබේ.

මේ සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධනගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ ඕනෑම අයකුට යෝජනා ඉදිරිපත් කළ හැකි බවත් ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලබන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය බවත්ය.