News

දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර අද සාකච්ඡාවක්

මහ මැතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂිත දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසමේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (11) පැවැත්වීමට නියමිතව තිබේ.

රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී අද (11) පස්වරු 3.30ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

ඒ සදහා මැතිවරණයට තරගවදින දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට හෝ නියෝජිතයින්ට සහභාගි වන්නැයි දැනුම්දී ඇත.

මෙහිදී මහ මැතිවරණයට අදාළ නාම යෝජනා පත්‍ර භාර ගැනීමේ කටයුතු සහ ඉදිරි කටයුතු පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතයි.