නන්දිකඩාල් කලපුවේ පාවෙන මාළු
නන්දිකඩාල් කලපු සීමාවේ වට්ටුවාකල් පාලම සහිත කොටසේ මසුන් මැරී පාවෙමින් තිබෙන බව මුලතිව් ධීවර ජනතාව පවසති. ධීවර ජනතාව වැඩිදුරටත් පැවසූවේ මේ වන විට මැරුණු මසුන් කලපුවේ ගොඩගැසී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීන්ගෙන් විමසීමේදී පැවසුවේ නියඟය හමුවේ කලපුවේ ජලය අඩු වී ඇති බැවින් කලපුව වෙත ලුණු මිශ්ර ජලය ගලා ඒම නිසා මෙම තත්ත්වය හටගෙන ඇති බවයි. මේ තත්ත්වය හමුවේ තමන් දැඩි ලෙස අසරණ වී ඇති බව ධීවර ප්රජාව පවසති.