News

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථනය සම්බන්ධයෙන් සොයා බැලීමට භික්ෂූන් වහන්සේලා වැඩම කරයි

මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයට වර්තමානයේ අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් හෝමාගම ප්‍රදේශයේ විහාරස්ථාන භික්ෂූන් වහන්සේලා මුලතිව්,නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානය වෙත වැඩම කිරීම අද(24) සිදුකෙරිණ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද නාහිමියන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා පනහක පමණ පිරිසක් විහාරස්ථානයේ නිරීක්ෂණය වෙනුවෙන් පැමිණින.

විහාරස්ථානය වෙත වැඩම කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද නාහිමියන් පැවසුවේ නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානය ‍ඉපැරණි බෞද්ධ නටඹුන් සහිත ස්ථානයක් වන බැවින් අදාළ ස්ථානය රැක ගැනීම බෞද්ධ සියළු දෙනාගේ උරුමය වන බවයි.

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ වැඩම කළ නාහිමියන්ගේ දේහය පවා විහාර භුමියේ ආදාහනය කර ගැනීමට නොහැකිවීමද කණගාටුවට කරුණක් වන බවද උන් වහන්සේ පැවසු සේක.

සංචාරයේදී භික්ෂූන් වහන්සේලා ප්‍රදේශයේ පෞරාණික නටඹුන් නිරීක්ෂණටද එක්වූහ.

වවුනියාව – මාධව කුලසූරිය