නල්ලතන්නිය වාලමලෙයි රක්ෂිතයේ හට ගත් ගින්න හෙලිකොප්ටර් යානයක සහයෙන් නිවාදමයි
නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි ස්භාවික රක්ෂිතයක හට ගත් ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටර් යානයයක සහය ලබා ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසයි.
එම රක්ෂියේ ඊයේ (12) පස්වරු 6 ට පමණ ගින්නක් හට ගෙන ඇති අතර එම ගින්න නල්ලතන්නිය පොලිසියේ නිලධාරින් එක් ව මැඩ පැවැත්විමට කටයුතු කල අතර , එම රක්ෂිතයේ ඉහල කදු මුදුණේ හටගෙන තිබු ගින්න පාලනය කිරිමට පොලිසියට එම ස්ථානයට ලගා විමට නොහැකි වු නිසා එම ගින්න මැඩ පැවැත් විමට අද (13) උදැසන ගුවන් හමුදාවේ එම්.අයි 17 ගුවන් යානයක සහයෙන් මවුස්සාකැලේ ජලාශයේ සිට ජලය රැගෙන ගොස් එම ගින්න තවදුරටත් පැතිර තිබු කදු මුදුණට ඉසිමෙන් පසු එම ගින්න මේ වන විට සම්පුරණයෙන්ම පාලනය කර ඇති බවයි නල්ලතන්නිය පොලිසිය කියා සිටියේ.
එම රක්ෂිතයට ඉහලින් ශ්රි පාද රක්ෂිතයද පිහිටා තිබේ.
එම රක්ෂිතයට ගිය කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තබන්නට ඇති බව නල්ලතන්නිය පොලිසිය සැකකරයි. ගින්නෙන් එම රක්ෂිතයේ අක්කර 3 ට ආසන්න ප්රමාණයක් ගිනිගෙන විනාශ වි ඇති බව ගින්න පිලිබද පරික්ෂන පවත්වන නල්ලතන්නිය පොලිසිය වැඩි දුරටත් කියා සිටියි.
හැටන් – රංජිත් රාජපක්ෂ