නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ශ්‍රී.ල.නි.පයේ යෝජනා බාරදීම අද
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අදාළව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සකස් කළ යෝජනා හා නිර්දේශ ඒ සම්බන්ධයෙන් පත් කර ඇති ව්‍යවස්ථා කමිටුවට අද (26 වැනිදා) භාර දෙයි.
පළාත් සභා වෙනුවට දිස්ත්‍රික් මට්ටමින් සභිකයන් තෝරා ගැනෙන දෙවැනි සභාවක් සඳහා වන යෝජනාවක් ද මේ අතර වෙයි. පළාත් සභා ක්‍රමයෙන් සියලුම දිස්ත්රික්කයන්ට සංවර්ධන කටයුතු සමානව බෙදී නොයාම මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට හේතු වූ බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘අරුණ’ට ඊයේ (25 වැනිදා) පැවැසීය.
මෙම යෝජනා භාරදීමේ අවස්ථාවට පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති, කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, මහලේකම්, රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් එක් වෙති.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත් කර ඇති කමිටුවේ සභාපතිවරයා වන්නේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාය.
නිලන්ත මදුරාවල