News

නව ඇමති මණ්ඩලය දිවුරුම් දෙයි

නව රජයේ කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දීම ආරම්භ කළේය.

ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන , නිවාස පහසුකම් අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබීය.

අද දින පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලය මෙසේයි.

1) මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය තුමා – ආරක්ෂක, මහජන ආරක්ෂාව සහ නීතිය හා සාමය, මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය

2) නිමල් සිරිපාල ද සිල්වා – අධිකරණ, මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය

3) අරුමුගම් තොණ්ඩමන් – ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය

4) දිනේෂ් ගුණවර්ධන – විදේශ සබඳතා, නිපුනතා සංවර්ධන, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය

5) ඩග්ලස් දේවානන්ද – ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය

6) පවිත්‍රා දේවී වන්නිආරච්චි – කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා.

7) බන්දුල ගුණවර්ධන – තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය

8 ) ජනක බණ්ඩාර තෙන්නකෝන් – රජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පාලන සහ පළාත් සභා අමාත්‍ය

9) චමල් රාජපක්ෂ – මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ, පාරිභෝගික සුභසාධන අමාත්‍ය

10) ඩලස් අලහප්පෙරුම – අධ්‍යාපන , ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය

11) ජොන්ස්ටන් ප්‍රනාන්දු – මාර්ග හා මහා මාර්ග, වරාය සහ නාවික කටයුතු කටයුතු අමාත්‍ය

12) විමල් වීරවංශ – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය

13) මහින්ද අමරවීර – මගී ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය

14) එම් එස් චන්ද්‍රසේන – පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය සහ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය

15) රමේෂ් පතිරණ – වැවිලිකර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය

16) ප්‍රසන්න රණතුංග – කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය සහ සංචාරක සහ ගුවන්සේවා අමාත්‍ය

ජායාරුප – ක්‍රිෂාන් කාරියවසම්