News

නව ද්විත්ව විකෘති කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගැනේ

ඉන්දියාවෙන් නව ද්විත්ව විකෘති කොවිඩ් 19 ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ ප්‍රාන්ත 18ක පුද්ගලයන්ගෙන් ලබාගත් සාම්පල මගින් මෙම වෛරසය හඳුනාගෙන ඇත.

එය දැනට ව්‍යාප්ත වන බ්‍රිතාන්‍ය, දකුණු අප්‍රිකා සහ බ්‍රසීල ප්‍රභේදයන්ට සාපේක්ෂව වෙනස්කම් කිහිපයකින් සමන්විත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

නව ද්විත්ව විකෘති ප්‍රභේදයත් සමග ඉන්දියාව තුල යළිත් කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවධානමක් උද්ගතව ඇති බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවන බව විදෙස් වාර්තා සඳහන් කරයි