News

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්වේ.

සජිත්ගේ සමාජ විප්ලවය නමින් එය අද ජනගත කෙරෙන්නේ මහනුවරදීය.

අද උදෑසන මල්වතු මහා විහාරයේදී ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු පාර්ශවයේ මහ නාහිමිපාණන්ට පිළිගැන්වීමට නියමිතයි.

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහ නාහිමිපාණන්ට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීමට නියමිතව තිබේ.

ප්‍රතිපත්ති ප්‍රකාශය ජනගත කිරීමේ උත්සවය මහනුවර රැජිණ හෝටලයේද උදෑසන 10.00ට පැවැත්වීමට නියමිතයි.