News

නවම් පුන් පොහොය අදයි

සම්බුද්ධ ශාසනයේත්, බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු නවම් පුන් පොහොය දිනය අදට (19) යෙදී තිබේ.

සම්බුදු සසුනෙහි පහළ වූ ඉතා වටිනා මැණික් බඳු වූ සැරියුත් – මුගලන් දෙනම වහන්සේලා සම්බුදු සසුනෙහි අගසව් තනතුරු ලබන ලද්දේ නවම් පොහොය දිනකය.

බුදු සසුනෙහි සඳහන් වන ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම් පොහොය දිනකය.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයුසංස්කාරය හළේත් නවම් පුන් පොහොය දිනකය.

නවම් පුන් පොහෝ දිනය නිමිත්තෙන් අද දිනයේ සෑම වෙහෙර විහාරස්ථානයකම දාන, ශීල, භාවනා ඇතුළු පිංකම් රැසක් සිදුකෙරේ.