නවම් පෙරහැර වෙනුවෙන් ගංගාරාම විහාරස්ථානය අවට තාවකාලිකව පාරවල් වැසේ
අද සහ හෙට (18,19) යන දෙදින තුළ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන නවම් පෙරහර වෙනුවෙන් කොම්පඥ්ඥවිදිය වටරවුමේ සිට පිත්තල හන්දිය දක්වා කොටස රාත්රි 7.00 සිට පෙරහැර අවසන් වන තෙක් තාවකාලිකව වාහන ගමනාගමනය සිමා කෙරෙන බව පොලිසිය සඳහන් කරයි.
මෙහිදි විකල්ප මාර්ග ලෙස කොළඹ කොටුව සිට කොම්පඥඥවිදිය සර් ජේම්ස් මාර්ගය හරහා ගමන් කරන වාහන – යුනියන් පෙදෙස,ඉබ්බන්වල හන්දිය නගර සභා වටරවුම,ගාලමුවදොර වටරවුම හරහා කොල්ලුපිටිය දෙසට ගමන් කළ හැකි බවත් කොල්ලුපිටිය දෙස පැමිණෙන වාහන – ගාලුමුවදොර වටරවුම,අලියානාන වටරවුම,ජස්ටික් අක්බාර් මාවත හරහා කොම්පඥඥවිදිය දක්වා හා ලිබර්ටි වටරවුම පිත්තල හන්දිය,ධර්මපාල මාවත,ටවුන්හෝල් වටරවුම ,ඉබ්බන්වල හන්දිය,යුනියන් පෙදෙස හරහා කොම්පඥඥවිදිය හන්දියට ගමන් කළ හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.