News

නාලක කළුවැව සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

මේ පිළිබදව ජනමාධ්‍ය අමාත්‍යංශය ලේකම්වරයාගෙන් කළ විමසීමකදී ඔහු සදහන් කළේ කළුවැව මහතාගේ ඉල්ලා අස්වීම කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින් භාරගත් බවට මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැති බවයි.