නාලකද සිල්වා යලි රක්ෂිත බන්ධනාගාරයට
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 26 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඊට අදාළ නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ අද කැදවූ අවස්ථාවේදී වන අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහිව පවතින චෝදනා සනාථ කිරීම සඳහා වන සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර තිබේ.