නාවික හමුදාවට පාට් දැමු එජාප ප්රාදේශිය සභා මන්ත්රී අත්අඩංගුවට
ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී නාවුක හමුදාවේ සෙබළුන්ගේ රාජකාරියට බාධා කළ බව කියන ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකුව ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව ප්රාදේශීය සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරයෙකුවය.
පසුගිය 28 වැනිදා සවස කරුකුපනේ ගම්මානයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී නාවුක හමුදා සෙබඵන් පිරිසක් කරුකුපනේ ගම්මානය තුළ ජංගම මුර සංචාරයක නිරත වෙමින් සිට ඇත.එම ගම්මානයේ නිවසක් තුළ පිරිසක් රැස්වී සිටිනවා දැක ඇති නාවුක හමුදා සෙබළුන් ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට අවවාද කර ඇත.
එම අවස්ථාවේදී පැමිණ ඇති ප්රාදේශීය සභා මන්ත්රීවරයා නාවුක හමුදා සෙබළුන්ගේ රාජකාරියට බාධා කිරීම සිදු කර ඇත. අනතුරුව සිද්ධියට මුහුණ දුන් නාවුක හමුදා සෙබළුන් විසින් මේ බව ආරච්චිකට්ටුව පොලීසියට පැමිණිළි කිරීමට කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හලාවත මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජුඩ් සමන්ත.
