News

නාවික හමුදාවෙන් විෂබීජ හරණ කුටියක් හදුන්වා දෙයි

නාවික හමුදාව විසින් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සදහා විෂබීජ හරණ කුටියක් හදුන්වාදී තිබේ.

මෙමගින් එකවර මුළුශරිරයම විෂබීජ හරණය සිදු කිරිමේ හැකියාව පවතින බවයි නාවික හමුදාව පවසයි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ඉංජිනේරු කාර්මික නාවිකයින් පිරිසක් මෙම කුටිය නිර්මාණය කර ඇත.

මහ ජනතාව ගැවෙසෙන පොදු ස්ථාන මෙන්ම පෞද්ගලික ආයතන පරිශ්‍රයන් ද කේන්ද්‍ර කර ගනිමින් නාවික හමුදාව විෂබීජ හරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකකර තිබේ.