News

නිදන් හෑරූ හතරක් උපකරණ සමග පොලිස් අත්අඩංගුවට

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ කොටවෙහෙරගල ප්‍රදේශයේ ඇල රක්ෂිතයක නිදන් සොයා කැනීම් කරමින් සිටි පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා.

සැකකරුවන් විසින් පුද පුජා පවත්වමින් මෙලෙස කැනීම් සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කැනීම් උපකරණ සහ පුජා භාන්ඩ රැසක් ද පොලිස් භාරයට ගෙන ඇත.සැකකරුවන් වැල්ලවාය,පස්සර සහ කොළඹ යන ප්‍රදේශවල පදිංචි පිලිවෙලින් වයස අවුරුදු තිස් හත,හතලිස් එක,හතලිස් හය සහ පනස් දෙක යන වයස් වල පසුවන්නන් බව පොලිසිය කියයි.සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.