නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර 6වන සාකච්ඡාව අවලංගුයි
නව සන්ධානයක් ගොඩනැගීම උදෙසා ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර අද (17) 6වන වතාවට පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡා අවලංගු කර ඇත.
ශ්රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා ප්රකාශ කළේ 6 වන සාකච්ඡා වටය ලබන 26 වැනිදා දක්වා කල් දැමීමට සිදුවූ බවයි.
එම පක්ෂ දෙක අතර පස්වන වටයේ සාකච්ඡාව පසුගිය 7 වැනිදා පැවැත් වුණි.
එහිදි දෙපාර්ශවයේ එකඟතාවයෙන් මෙම මස 17වන සඳුදා, එනම් අද 06 වන වටයේ සාකච්ඡා සඳහා යළි හමුවීමට එකඟ විය.
එම හමුව පැවැත් වුණේ විපක්ෂ නායක කාර්යාලයේදීය.
