News

නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර දෙවන සාකච්ඡාව සාර්ථකයි – දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැති දෙවැනි සාකච්ඡාවද සාර්ථක වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

මෙම සාකච්ඡාව කොළඹ විපක්ෂනායක කාර්යාලයේදි පැවැත්වුනු අතර නව සන්ධානය ගොඩ ගැනිමට අදාළව කරුණු විස්සක් පිළිබඳව අද දිනයේදි සාකච්ඡා වූ බව ඒ මහතා සඳහන් කළේය.

නැවතත් අප්‍රේල් 10 වනදා මෙහි තෙවැනි සාකච්ඡාව පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වි ඇත.