නිදහස් පක්ෂයට නව සංවිධායකවරුන් පිරිසක්
ශ්රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරුන් පිරිසක් පක්ෂ සභාපති ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපි ලබාගෙන ඇත.
ඊයේ (27) පස්වරුවේ මෙලෙස දිස්ත්රික් සහ ආසන සංවිධායකවරුන් පිරිසක් පත්වීම් ලිපි භාරගෙන ඇත.
ඒ අනුව කුරුණෑගල, පුත්තලම, අම්පාර, ගම්පහ, රත්නපුර, ත්රීකුණාමලය, මඩකලපුව යන දිස්ත්රික් සදහා මෙන්ම කුලියාපිටිය, බිංගිරිය, අම්පාර, කල්මුණේ, පොතුවිල්, සමන්තුරෙයි, නැගෙනහිර කොළඹ, කරන්දෙණිය යන ආසන සඳහා මෙම නව සංවිධායකවරුන් පත්කර ඇත.
