News

නිදහස් පක්ෂයේ පිරිසකගේ සහය ඉදිරියේදී හංසයාට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසක් ඉදිරියේදී හංසයා වටා එක් වීමට නියමිත යැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (31) ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් සමඟ සාකච්ඡාවන් සාර්ථක බව මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික පිරිසක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේය.