News

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

එම රැස්වීම අද පස්වරු 6.00ට පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය සහ නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කළේය.