News

නිදහස් පක්ෂයේ සෑම සාමාජිකයෙකුටම තම මතය ඉදිරිපත් කරන්න නිදහස තිබෙනවා

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ සාර්ථකව මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.

එක් එක් පුද්ගලයන්ට මත පල කිරිමේ අයිතිය පවතින බවත් පක්ෂයේ සෑම සමාජිකයෙකුටම තම මතය ඉදිරිපත් කිරිමේ නිදහස තිබෙන බවත් ඒ මහතා සදහන් කළා.

මහනුවරදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියා.