News

‘‘නිදිමත’’ සංවිධායකවරුන් ශ්‍රීලනිපයෙන් දොට්ට

ක්‍රියාකාරී නොමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් වෙනුවට තරුණයින්ට සංවිධායක තනතුරු ලබාදීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදක්ෂ මෙන්ම වයස්ගත ආසන සංවිධායකවරුන් වෙනුවට නවකයින් පත් කරමින් නියමිතය.

ඊට අමතරව පක්ෂයේ මතයට එරෙහිව වෙනම කල්ලි කණ්ඩායම්වලට සහාය පළ කිරීමට කටයුතු කරන ආසන සංවිධායකවරුන් සම්බන්ධයෙන්ද පක්ෂ නායකත්වය වෙත තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.

මේ අනුව ආසන සංවිධායකවරුන් පනහකට ආසන්න පිරිසකට සිය තනතුරු අහිමි වීමට නියමිතය.