News

නිධන් සෙවූ 06ක් මාට්ටු

අලව්ව, කැබැල්ලවිට ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයින් 6 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

අලව්ව පොලීසියට ලද තොරතුරක් මත එහි නිලධාරී කණ්ඩායමක් මෙම සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබූ කැණීම් කටයුතු සඳහා උපයෝගී කරගත් ඩෙටනේටර් 10ක්, ඇමෝනියා ග්‍රෑම් 600 ක් හා පොළොව විදීමට උපයෝගී කරගන්නා යන්ත්‍රයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන් වෙයි.

අත්අඩංගුවට ගත එම සැකකරුවන් අද දින පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.