නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 3385ක් අත්අඩංගුවට
නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 3385දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ මහතා සදහන් කළේ ඊයේ (22) දිනයේදීත් නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
එලෙස අත්අඩුංගුවට ගත් පුද්ගලයින් 3385දෙනාගෙන් 3350දෙනෙකුට මේ වන විට නඩු පවසා අවසන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ අතර එළඹෙන අලුත් අවුරුද්දට සූදානම් වීමේදී අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා වෙළෙදපළ සහ කඩ සාප්පු වලට යන සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණ පැළදීම ඇතුළු සෙ$ඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.