නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම හෙට සිට
ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම හෙට (26 වැනිදා) සිට ආරම්භ කෙරෙන බැවින් නිවෙස්වල සුනඛයන් බැඳ තබන ලෙස තැපැල්පති රංජිත් ආරියරත්න නිවෙස් හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි.
නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට පැමිණෙන තැපැල්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ඉල්ලීම සිදු කරන බවද ඔහු පැවසුවේය.
සුනඛයකු සපා කෑ පසු ප්‍රතිකාර කටයුතු සඳහා රජයට විශාල මුදලක් දැරීමට සිදුවන බවද ඔහු කීවේය.
මැතිවරණ කොමිසම විසින් නිල ඡන්ද පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවට අද (25 වැනිදා) භාරදීමට නියමිත බව තැපැල්පති රංජිත් ආරියරත්න පැවසීය.
නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු හෙට (26 වැනිදා) සිට සිදු කෙරෙන බවත්, නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු නොවැම්බර් මස අට වැනිදා (08 වැනිදා) අවසන් කරන බවද තැපැල්පතිවරයා කීවේය.
නිවාස පනස් හතර ලක්ෂයකට නිල ඡන්ද පත්‍රිකා බෙදීමට නියමිත බවද ඒ සඳහා ලියාපදිංචි ආදේශකයන් අමතරව යොදා ගන්නා බවද තැපැල්පතිවරයා පැවසීය.
නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම ඇතුළු කටයුතු සඳහා තැපැල් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන හාරසිය දහ නවයක පමණ මුදලක් වැයවන බවට ගණන් බලා ඇත.
සාලිය කුමාර ගුණසේකර
