නිවසක් මතට ගසක් කඩාවැටීමෙන් එකම පවුලේ තිදෙනෙක් මරුට
වැලිමඩ – ඌව පරනගම මාර්ගයේ පැරැණි ප්රාදේශීය සභා ගොඩනැගිල්ල අසළ තාවකාලික පැල්පතක් මතට ගසක් කඩාවැටී ඊයේ (12) රාත්රී සිදුවූ අනතුරින් එකම පවුලේ තිදෙනෙක් මියගොස් දෙදෙනෙක් රෝහල ගතකර ඇතැයි වැලිමඩ පොලිසිය පවසයි.
අනතුරින් වයස අවුරුදු 21ක කාන්තාවක්, වයස අවුරුදු 10ක සහ වයස අවුරුදු 14ක දරුවන් දෙදෙනෙක් ද මරණයට පත්ව ඇත.
ඇදහැලුනු ධාරාණිපාත වැස්සත් සමග ගස කඩාවැටී ඇති බව වැලිමඩ පොලිසිය පවසයි.
තුවාලකරුවන් වැලිමඩ රෝහලට ඇතුලත් කර තිබේ.


