News

නේපාලයේ සිටින සිසුන් රැගෙන එන්න විශේෂ ගුවන් යානයක්

ශ්‍රී ලාංකික සිසුන් 93 දෙනෙකු නේපාලයේ සිට මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද උදෑසන 08.00 ට පමණ කටුනායක ගුවන් තොටුපලෙන් කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගොස් ඇත.

ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු එම යානයේ ගමන් කර ඇත.

සිසුන් පිරිස රැගත් යානය අද පස්වරුවේ යලි දිවයිනට පැමිණීමට නියමිතයි.