පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන්ගෙන් ජනපතිට සුබපැතුම්
ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්රහණය සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සුබපැතුම් එක්කරන බව පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා සනහන් කරයි.
ශ්රී ලංකාව සහ ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට ද, දෙරටෙහි සහෝදරශීලී සබඳතාව සවිමත් කිරීමටද, ජනතාවට සාමය සහ සහජීවනය උදාකරදීම වෙනුවෙන් එක්ව කටයුතු කිරීමටද ඔහු බලාපොරොත්තු වන බව පාකිස්තානු අගමැතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Congratulations to Gotabaya Rajapaksa on victory in Sri Lankan Presidential elections. Pakistan looks forward to working closely with him & with Sri Lanka, for further deepening & broadening our brotherly ties & close cooperation for peace, progress and prosperity of our people.
— Imran Khan (@ImranKhanPTI) November 17, 2019
