පකිස්ථානයේ 79 වැනි ජාතික උත්සවය ශ්‍රී ලංකාවේදි සමරන ලදි
පකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ 79 වැනි ජාතික උත්සවය පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකාව තුළ ජීවත්වන එහි ප්‍රජාව විසින් චාරිත්රානුකුල උද්වේගයෙන් පෙරේදා (23) දින සමරන ලදි.
මෙහිදි පකිස්ථානය ප්‍රජාවන් සිය දේශය තවදුරටත් ශක්තිමත්, ජවසම්පන්න, පප්රගතිශීලී, ප්‍රජාතනත්‍රවාදී සහ සුබසාධන රාජ්‍යයක් බවට පත් කිරීම වෙනුවෙන් ප්‍රතිඤා දුන්හ.
උත්සවය අතරතුරදී පකිස්ථාන ජාතික ගීය ගායනා කිරීමේදි මහ කොමසාරිස් ආචාර්ය ෂහීඩ් අහමඩ් හෂ්මට් මැතිතුමන් විසින් ජාතික ධජය ඔසවන ලදි.
1940 දී උප මහාද්වීපයේ මුස්ලිම්වරුන් සඳහා වෙනම මාතෘ භූමියක් නිර්මාණය කිරීමට තුඩුදුන් ලාහෝර් ඓතිහාසික යෝජනාව 1947 අගෝස්තු 14 වන දින පකිස්ථානය නිර්මාණය කලේය. එම යෝජනාව සිහිපත් කිරීම සදහා පකිස්ථානයේ ජාතික දිනය සෑම වසරකම මාර්තු 23 වන දින සැමරීම සිදු කෙරේ .
උත්සවය අතරතුරදී පකිස්ථාන ජනාධිපති හා එහි අග්‍රාමාත්‍ය මහාත්වරුන්ගේ විශේෂ පණිවුඩ මෙහිදි කියවන ලදි.
මුහම්මද් අලි ජින්නා, (ක්වායිඩ්-ඉ-අසම්) ආචාර්ය අල්ලාමා මුහම්මද් ඉක්බාල් සහා පාකිස්තානු ව්‍යපාරයේ අනෙකුත් නායකයින්ගේ වැදගත්කම අවධාරණය කරන ලදි. පකිස්ථාන ජාතික දිනය සමරමින් සදහා සුදානම් කරන ලද කේක් උත්සවයේ අවසානයේදී, දරුවන් සමඟ එක්ව පකිස්ථාන මහ කොමසාරිස්වරයා විසින් කපන ලදි.
ශ්‍රී ලංකාව ජීවත්වන පකිස්ථාන ප්‍රජාවන්, විවිධ ක්ෂේතයේ නියෝජිතයින් හා මාධ්‍ය නියෝජිතයින් මෙම උත්සවයට සහභාගී විය.