News

පර්පචුවල් ‍ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝෂියස් CID අත්අඩංගුවට

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පචුවල් ‍ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝෂියස් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම වංචාවට අදාළව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා ඇතුළු සිව් දෙනෙකු අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සෙසු තිදෙනා පර්පචුවල් ට්‍රෙෂරිෂ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ට්‍රෙසරීස් ලිමිටඩ් අයතනයේ අධ්‍යක්ෂකවරුන් වන පුෂ්පමිත්‍ර ගුණවර්ධන , චිත්‍රා රංජන් හුලුගල්ල , මුතුරාජ සුරේන්ද්‍රන් යන අයයි.