News

පලෙයි ප්‍රදේශයේ රිය අනතුරකින් තිදෙනෙකු මරුට

යාපනය,පලෙයි ප්‍රදේශයේදී අද(08) සවස සිදුවු රිය අනතුරකින් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පලෙයි පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ යුධ හමුදා ට්‍රක් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ අදාළ පුද්ගලයින් අනතුර සිදුවු ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – මාධව කුලසූරිය.