News

පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයා සමඟ සම්බන්ධකම් පැවැත්වූ දෙදෙනෙකු අත්අඩංගුවට

පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍යවරයා සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවේ පසුවන වෛද්‍යවරයාගෙන් ප‍්‍රශ්න කිරීමේ දී හෙළි වූ තොරතුරු අනුව මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.