News

පවුල් තුන්ලක්ෂ පනස්දහක් වියැළෙති

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 3,50,000 ඉක්මවා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10ක පවුල් 91,215 කට අයත් පුද්ගලයන් 356663ක් පීඩාවට පත්ව සිටිති. පානීය ජල අර්බුදය නිසා වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේය. කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 51,175කට අයත් පුද්ගලයන් 215525ක් පීඩාවට පත්ව සිටී. මෙම පුද්ගලයන් අතරින් 212,728ක්ම පීඩාවට ලක්ව ඇත්තේ පානීය ජලයට මුහුදු ජලය මිශ්‍ර වීම නිසාවෙනි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 11,293කට අයත් පුද්ගලයන් 42,116ක්ද, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 8,150කට අයත් පුද්ගලයන් 30,497ක්ද, මහනුවර දිස්ත්‍රක්කයේ පවුල් 468කට අයත් පුද්ගලයන් 1645ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 2331කට අයත් පුද්ගලයන් 7576ක්ද, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 11,604කට අයත් පුද්ගලයන් 36,856ක්ද, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 645කට අයත් පුද්ගලයන් 2,685ක්ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 46කට අයත් පුද්ගලයන් 176ක්ද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 1593කට අයත් පුද්ගලයන් 6,718කද, මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 3910කට අයත් පුද්ගලයන් 12,869ක්ද, නියඟයෙන් පීඩා විඳිති. වියළි කාලගුණික තත්ත්වයත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා වැව් රැසක්ද සිඳී යෑමට ලක්ව ඇතැයි ගොවිජන සේවා අංශ සඳහන් කරයි.

සාලිය කුමාර ගුණසේකර