පසුගිය වසරේ නීතිවිරෝධීව මසුන් මැරූ 1426ක් අත්අඩංගුවට
ලංකා මුහුදු සීමාව ඇතුළත නීතිවිරෝධීව මසුන් මැරීම සම්බන්ධයෙන් නාවික හමුදාව පසුගිය වසරේදී සිදුකළ මෙහෙයුම්වලදී පුද්ගලයන් එක්දහස් හාරසිය විසිහය (1426) දෙනෙක් සහ යාත්‍රා හාරසීයක් (400) අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසීය.
ඒ අනුව අවස්ථාවන් හයසිය අනූ අටකදී (6698) සිදුකළ වැටලීම්වලින් මසුන් මැරීම සඳහා යොදාගත් ආම්පන්න හා ජලජ ජීවීන් සොයාගෙන ඇත.
වසරක් තුළදී මසුන් කිලෝග්‍රෑම් තිස්තුන් දහස් නවසිය හතළිස් හතරක් (33944), මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් පන්දහස් දෙසිය පනස් හයක් (5256), පොකිරිස්සන් පනස් හත්දෙනකු (57), හක්බෙල්ලන් හයදහස් විසිතුනක් (6023) හා කැස්බෑවන් හතර දෙනකු මෙලෙස නීතිවිරෝධී ලෙස ඝාතනය කර ඇත.
මීට අමතරව නීතිවිරෝධී මාළු දැල් හත්සිය විසි හතරක් (724) මෙන්ම ඔවුන් සතුව තිබූ කැස්බෑ මස් කිලෝ හැට තුනයි ග්‍රෑම් පන්සීයක ප්‍රමාණයක් සොයාගෙන ඇත.
එරන්දි කෞශල්‍යා