News

පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් – පවතින තද අකුණු සමග වැසි තත්වය තවදුරටත්

දිවයින ආසන්න පහල වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, පවතින තද අකුණු සමග වැසි තත්වය තවදුරටත් පවතින ලකුණු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සබරගමුව, මධ්‍යම,දකුණු, ඌව,බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයක්ද සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයක්ද ඇති විය හැක.

මඩකළපුව සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැක.

කන්කසන්තුරය සිට මන්නාරම සහ කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.