News

පළාත් කිහිපයකට හවසට වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වල ප.ව. 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරු සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැක.

ගිගිරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන් අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස මහජනතාවගෙන් ඉල්ල සිටියි.