News

පළාත් මැතිවරණ ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු තුනක්

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලමින් පාර්ශ්ව කීපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව හිටපු මහ ඇමැතිවරුන් වන එස්. එම්. රංජිත් හා මහීපාල හේරත් යන අය විසින් පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අැති බාධා සම්බන්ධයෙන් අර්ථ නිරූපණයන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට නියමිතය.

සීමා නීර්ණ වැඩ අවසන් බැවින් එය ගැසට් කරන ලෙසට ජනාධිපතිවරයාට දන්වන ලෙසට ඉල්ලා මුස්ලිම් පක්ෂ හා සංවිධාන කීපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සැලසුම් කර ඇත.

ඊට අමතරව ෆැපරල් සංවිධානයද සීමා නීර්ණ කමිටු වාර්තාව සම්බන්ධයෙන් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ සමාලෝචන කමිටුවට එරෙහිවද අධිකරණයට යාමට ඇති හැකියාව පිළිබඳ අධ්‍යයනය කරන බවට එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.

චමින්ද සේනාරත්න