පළාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස නම් කරයි
පළාලි ගුවන් තොටුපොළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස නම් කර ඇත.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඊට හිමි වී ඇත.
මෙම ගුවන් තොටුපොළ සංවර්ධන කිරීමේ කටයුතු පසුගිය ජුලි මස පස්වන දා ආරම්භ කර ඇත.
එම ගුවන්තොටුපලේ කටයුතු මෙම මස 10 වන දා අවසන්වීමට නියමිත අතර ගුවන් තොටුපළ විවෘත කිරීම ලබන 17 වනදා හෝ ඊට ආසන්න දිනයකදී සිදුකෙරෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමත්‍යාංශය සඳහන් කරයි.
පියවර තුනකින් සංවර්ධනය කෙරෙන පළාලි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සංකේත අංකය වන්නේ VCCJ ලෙසය.
මෙම නම් කිරීමත් සමග මෙරට දැනට ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපල සංඛ්‍යාව 5 ක් වෙයි.
